Sunday, August 4, 2013

Breaking News - ජලය වෙනුවට වෙඩි ලැබුණු තවත් තරුණයෙක් මරුට

පානීය ජල ගැටලුවකට විසඳුම් ඉල්ලා ඉකුත් බ්‍රහස්පතින්දා වැලිවේරියේ පැවති උද්ඝෝෂණයට තැබූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර සිටි 19 වියැති තවත් තරුණයෙක් ඊයේ(03) රාත්‍රියේ මියගොස් තිබේ.
මෙම උද්ඝෝෂණයට හමුදාව විසින් තැබූ වෙඩි ප්‍රහාර වලින් 16 හැවිරිදි පාසැල් සිසුවෙක් මීට පෙර මිය ගිය අතර බරපතල තුවාල ලැබූ හය දෙනෙක් කොළඹ  ජාතික රෝහලට ඇතුලත් කළහ. තවත් තුවාල කරුවන් 30 ක් ගම්පහ අවට රෝහල් කරා යැවූහ.
කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ ‍හය දෙනාගෙන් 19 වියැති මේ තරුණයා ඊයේ රාත්‍රී දැඩි සත්කාර ඒකකයේ දී මිය ‍ගිය බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

No comments:

Post a Comment