හේමන්ත රන්දුණු
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ශ්‍යාම් නමැත්තා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයා වන රවිඳු වාස් ගුණවර්ධන ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ අංක 7 අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (09 වැනිදා) නියෝග කළේය.
මෙම නියෝගය ලබා දීමෙන් පසු බන්ධනාගාර විශේෂ ආරක්ෂාවක් යටතේ රවිඳු වාස් ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
මෙම නියෝගය ලබා දීමෙන් පසු බන්ධනාගාර විශේෂ ආරක්ෂාවක් යටතේ රවිඳු වාස් ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
පැහැරගෙන යැම, මරණ බිය ඇති කිරීම, ගිනි අවියක් භාවිත කිරීම, මිනී මැරීම ඇතුළු චෝදනා හයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාර රවිඳු ගුණවර්ධන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සැකකාර රවිඳු ගුණවර්ධන දැනට බන්ධනාගාරගතව සිටින වාස් ගුණවර්ධන සහ ශ්‍රීමාල් යන සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසයි.
රවිඳු ගුණවර්ධන ශ්‍යාම් ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන්ට බලපෑමක් කිරීමට උත්සාහ කරනු ඇති නිසා ඔවුන්ගෙන් වෙන්ව තබන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
මොහොමඩ් ශ්‍යාම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රවිඳු වාස් ගුණවර්ධන මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ සැඟවී සිටියේය. ඉකුත් 07 වැනිදා අලුයම පැපිලියාන මයුර පෙදෙසේ නිවසක සැඟවී සිටියදී සැකකාර රවිඳු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවෝ අටදෙනෙක් මේ වන විට බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
මුදල් ආරවුලක් මත ෆවුස්ඩීන් නමැති තවත් ව්‍යාපාරිකයකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත ශ්‍යාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කළ බව පරීක්ෂණවලදී අනාවරණය විය.
No comments:
Post a Comment