සැකකාර තරුණයා අරාබි රටක බර වාහන රියෑදුරකු ලෙස සේවය කරන අතර මොහු නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරිනියගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝ පටය බෙදා හරින්නට සූදානම් වෙද්දී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම අතවරයට ලක් වූ තරුණිය හබරණ ප්‍රදේශයේ පදිංචිකාරියක විය. පෙම්වතා වූ සැකකරු ඇයට මුලින්ම හමුවී ඇත්තේ හබරණ ප්‍රදේශයේ දේවස්ථානයකදීය. එහිදී දැන හඳුනා ගැනීමෙන් පසු තරුණිය සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟාගෙන ඇත.
සැකකාර තරුණයා මෙම තරුණිය අනුරාධපුර ප්‍රදේශයේ හෝටල් කීපයකට රැගෙන ගොස් ඇයට අතවර කරමින් ඒවා රහසිගතව වීඩියෝ ගතකර තිබේ. මෙම තරුණියට තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් රැකියාවක් ලැබී ඇත්තේ ඒ අතරතුරදීය. පසුව ඇය මෙම තරුණයා සමග පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාව නතර කර දැමීමට උත්සාහ කර ඇත.
ඒ වන විට තරුණයා අරාබි රටක රැකියාවේ නිරතව සිටි අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේද ඔහු සිය පෙම්වතියගේ නිරුවත් රූප නරඹා තිබේ.
ප්‍රේම සම්බන්ධතාව අතහැර දැමීමට තරුණිය උත්සාහ කරද්දී කෝපයට පත්වූ තරුණයා ඇයගේ නිරුවත් වීඩියෝ පට අඩංගු සීඩී තැටි මුද්‍රණය කර ඒවාද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
පසුව එම සී.ඩී. තැටි බෙදා හරින බව කියමින් එම තරුණිය විවිධ අතවරයන්ට ලක් කර ඇති තරුණයා නැවත ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නා ලෙස කියමින්ද තර්ජනය කර තිබේ.
සැකකරුගෙන් ගැලවීමක් නොමැති බව දැනගත් තරුණිය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
No comments:
Post a Comment