අනියම් පෙම්වතුන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යැම හේතුවෙන් 56 හැවිරිදි පෙම්වතා රත්මලාන, සුමංගල පාර, අතුරු මාර්ගයේ පදිංචි 54 හැවිරිදි පෙම්වතියගේ නිවස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබාගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි.
පසුගිය (09 දා) ඇති වූ මෙම අනතුරින් කළුතර, සේරුපිට, බොරලැස්සගම, නව ජනපදයේ පදිංචි 56 හැවිරිදි තිදරු පියකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
බේරුවල පෞද්ගලික විදුලි සමාගමක රියදුරකු වන මෙම පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ 54 හැවිරිදි වැන්දඹු කාන්තාවක සමග වසර කිහිපයක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පෙරේදා දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් පෙම්වතියගේ නිවස ඉදිරිපිටට පැමිණි පෙම්වතා පෙට්‍රල් බෝතලයක් හිස මත වත්කර ගැනීමෙන් පසු සිරුරට ගිනිතබාගෙන ඇත. එහිදී ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක සී. ඩබ්. චන්ද්‍රතිලක මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ජනක කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරයි.
No comments:
Post a Comment