Monday, May 13, 2013
අකුරැස්‌ස ආයුර්වේද වෛද්‍යවරියගේ මරණය දූෂණය කර ගෙල මිරිකීමෙන් කළ ඝාතනයක්
අකුරැස්‌සේ ආයුර්වේද වෛද්‍යවරිය දූෂණය කර, ගෙල සිර කර මරා දමා ඇති බව අනාවරණය වී ඇතැයි අකුරැස්‌ස පොලිසිය පවසයි.
ආයුර්වේද වෛද්‍යවරියගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ මාතර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. ඩී. සමරවීර මහතා මේ බව පොලිසියට දැනුම් දී ඇත.
මෙම ආයුර්වේද වෛද්‍යවරිය අකුරැස්‌ස, පානදුගම නිවස තුළ අභිරහස් අන්දමින් මියගොස් සිටියදී පොලිසිය සොයා ගනු ලැබුයේ පසුගිය 10 වැනිදා උදැසන කාලයේදීය.
මෙලෙස අභිරහස් අන්දමින් මියගොස් තිබුණේ රොසීනා සුමනා දිවිතුර ගමගේ (76) නමැති දෙදරු මාතාවකි.
10 වැනිදා උදැසන ඇගේ නිවසේ දොර විවෘත නොකිරීම ගැන සැක සිතූ එම ප්‍රදේශවාසීහු ඈ ගැන සොයා බැලීමේදී ඇගේ සිරුර නිවසේ කාමරයක් තුළ තිබී සොයාගෙන තිබිණි.
මෙම ආයුර්වේද වෛද්‍යවරිය අකුරැස්‌ස නගරයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවද පොලිසිය කියයි.
මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කර ඇතැයිද පොලිසිය කියයි.
මේ පිළිබඳව අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment