Monday, May 13, 2013

වකුගඩු රෝගී දරුවාට උපකාර කරමු

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල, සියඹලාගහමුල පාරේ අංක 169/18/ඒ නිවසේ පදිංචි කේ. ඒ. ඔමේෂ් කාවින්ද නමැති 14 හැවිරිදි පාසල් සිසුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළීම හේතුවෙන් වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. මෙම පාසල් දරුවාට කඩිනමින් වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ආර්. ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති අතර 'ඕ' වර්ගයේ වකුගඩුවක්‌ බද්ධ කළ යුතුව ඇත. දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාවින්ද දරුවාට අවශ්‍ය වියදම් සඳහා ඔබගේ මුදල් ආධාර අවශ්‍යව ඇත.
දෙමාපියන් අඩු ආදායම්ලාභීන්ය. ආධාර මුදල් මිනුවන්ගොඩ, ලංකා බැංකු ශාඛාවේ 74620856 දරන ගිණුමට බැර කරන ලෙස රෝගී දරුවාගේ පියා වන ලසන්ත ධම්මික සෝමසිරි සහ මව වන සන්ධ්‍යා නානායක්‌කාර කාරුණිකව ඉල්ලා සිටිති. 0776065718, 0771399489 යන ජංගම දුරකථන අංක තුළින් වැඩි විස්‌තර ලබාගත හැක.

No comments:

Post a Comment