Friday, May 31, 2013

පෙම්වතිය කියා අඳුරේ ආච්චිගේ මූණ ඉඹලා

වෙසක් දිනය නිමිත්තෙන් වන්දනාවේ ගිය නඩයකි. නඩයට ආච්චිලාද සීයලාද, අම්මලා තාත්තලාද පේ‍්‍රමවන්තයෝද සහභාගි වී සිටියහ.
හෝමාගම සිට වන්දනා නඩය අනුරාධපුරයට ගියේ බස් රථයකිනි. අනුරාධපුරයට කිට්ටුවනවාත් සමග කැලෑබද පෙදෙසකදී බස් රථය කාර්මික දෝෂයක් නිසා නැවතුණි.
දැන් සියල්ලෝම කට්ට කරුවලේය.

අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිතූ එක් පෙම්වතෙක් බස් රථයේ ඉදිරි අසුනක සිට හෙමින් හෙමින් පිටුපස අසුනට ගියේ ආච්චි සමග පිටුපස අසුනේ වාඩිවී සිටි තම පෙම්වතියගෙන් හාද්දක් ගැනීමටය. වැඬේ වැරදුණි. පෙම්වතිය යැයි සිතා පෙම්වතා හාද්ද දුන්නේ ආච්චිටය. කලබල වූ ආච්චි මොකාද බොල මගේ මූණ පහුරු ගාන්නේ යැයි දත් නැති කටින් ඇහුවාලූ.

No comments:

Post a Comment