Friday, May 31, 2013

ඒක ඒ කා‍ලේ මගේ අතින් වුණු වැරැද්දක්

Namal1
අපේ රටේ ගීත රසිකයන්ට, නාමල් උඩුගම නමැති ගායන ශිල්පියාගේ ගීත මුලින්ම අසන්නට ලැබුණේ මීට දශක දෙකකටත් කලිනි. එදාමෙදා තුර නාමල් උඩුගමගේ හඩින් අසන්නට ලැබුණු ගීත ගණන සිය ගණනකි. කලක් ඔහු ලබා තිබූ ජනප්‍රියත්වය අද වන විට වෙනසකට ලක්ව ඇති බවක් දකින්නට ලැබුණද, මුල් කාලයේදී ඔහු ගැයූ ගීත පවා තවමත් එලෙසින්ම රසවිඳින රසිකයන් අදද දුලබ නැත.
එක්තරා කාලයකදී ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි නාමල් උඩුගමගේ ජනප්‍රියත්වය අඩුවුණේ ඇයි?මම ක්‍ෂේත්‍රයට ආපු අලුත මගේ තරුණ වයසත් එක්ක මා ගැන රටේ ගොඩක් කතාබහට ලක්වුණා තමයි. නමුත් දැන් වුණත් නාමල් උඩුගම කියලා ගායකයෙක් සිටින බව රටේ ජනතාවට අමතක වෙලා නැහැ.
දැන් තරමක් නිහඬව සිටියත්, මීට දශක දෙකක පමණ පෙර ඔබේ ගීත එකතූන් නිතරම වෙළෙඳ‍පොළට නිකුත්වුණා?ඔව්. ඒ කාලෙ මම ළඟ ළඟම ගොඩක් ගීත එකතු නිකුත් කළා. කොච්චර එළිදැක්වූවාද කියනවානම්, ජනතාවට හරිහැටි රසවිඳින්නත් අවස්ථාවක් නොලැබෙන තරමට මගේ ගී තැටි නිකුත්වුණා.

ඒක ඒ කා‍ලේ මගේ අතින් වුණු වැරැද්දක් හැටියටයි මම දකින්නේ.
ඔබ වෘත්තීමය ගායකයෙක්?ඔව්. මට වෙන ආදායම් මාර්ගයක් නැහැ. ප්‍රසංගවලට සහභාගිවෙලා හම්බකරන මුදලින් තමයි මාත් මගේ දරු පවුලත් ජීවත් වෙන්නේ. Namal2අපේ රටේ වෘත්තීය ගායකයෙකුට ගායනයෙන් පමණක් ලැබෙන මුදල ජීවත්වීමට ප්‍රමාණවත්ද?මටනම් ප්‍රමාණවත්. සමහර ගායකයන්ට නම් සංගීත ප්‍රසංගවලට ආරාධනා ගොඩක් ලැබෙනවා. සමහර අයට අඩුයි. මට ප්‍රසංගවලින් අඩුවක් නැහැ. ඒ ගැන මම නිහතමානීව සංතෝෂ වෙනවා. ඉස්සර නම් ප්‍රසංග 10කට ආරාධනා ලැබුණොත් ඒ ප්‍රසංග දහයම බාර ගන්නවා. නමුත් දැන්නම් ඒ වගේ මහන්සිනොවී ගැලපෙන මුදලකුත් ලැබෙන ප්‍රසංගවලට තමයි මම සහභාගි වෙන්නේ.
ගැළපෙන මුදලක් කිව්වේ ඉහළ මිලක්ද?මම මුල්ම කාලෙදි ප්‍රසංගයකට සහභාගි වෙන්න සුළු මුදලක් අයකළේ. නමුත් දැන් ඒවගේ මුදලක් අයකරන්න බැහැ. හැබැයි ප්‍රසංග සංවිධායකයන්ට දරාගන්න පුළුවන් මුදලක් තමයි මම අය කරන්නේ. නමුත් දැන් ක්‍ෂේත්‍රයට අලුතෙන් එන සමහරු නම් මුලදී ලක්ෂ ගණනින් මුදල් අය කරනවා.
ප්‍රවීණයෙක් විදියට සංගීත ක්‍ෂේත්‍රයේ අලුත් පරපුර දකින්නේ මොන විදියටද?හොඳට ගීත ගායනා කරන්න පුළුවන් ඉතා දක්ෂ අය ඒ අතර ඉන්නවා. නමුත් දක්ෂතාවය විතරක් තිබුණට මදි. ඒ දක්ෂතාවයට කැපවීමත් වාසනා මහිමයත් එකතු විය යුතුයි.
අද සංගීත ක්‍ෂේත්‍රයේ ලොකුම දුර්වලතාවය විදියට දකින්නේ මොකක්ද?අද සමහර අලුත් අය ගායනා කරන බොහෝ ගීත එකම විදියයි. ඒ ගීතවල තනු විතරක් නොවෙයි ඒ කටහඬවල් පවා එකවගෙයි. ඒ නිසා ඒ ගීත ජනතාවගේ මතකයේ රැඳෙන්නේ නැහැ. Visual එකට විතරයි අවධානය යොමුවෙන්නේ. ඒක හරිම අපරාධයක්.
ළඟදී අලුත් නිර්මාණයක් එළිදැක්වූයේ නැද්ද?මම එළිදක්වපු මුල්ම කැසට් පටයට ඇතුළ්වුණු ගීත සංයුක්ත තැටියකට ඇතුළත් කරලා ළඟදී නිකුත් කළා. ඒ ගීත එකතුවට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මම අලුත් ගීත 4-5ක් මාධ්‍යවලට නම් ලබාදුන්නා. නමුත් අලුත් නිර්මාණ එකතුවක් වෙළෙඳ‍පොළට නිකුත් කළේ නම් නැහැ.
ඒ ඇයි?අද ගීත නිර්මාණ වෙළෙඳපළට නිකුත් කරන්න මහන්සි වීම කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් වෙලා. මොකද ඒවා නිකුත් කළාට පස්සේ හොර සී.ඩී.වලට පිටපත් කරලා විකුණනවා.


No comments:

Post a Comment