Tuesday, May 7, 2013

පාසල් යන බාල වයස්‌කාර දැරියන් අපචාරවලට පෙළඹීමේ ප්‍රවනතාවක්‌

පාසල් යන බාල වයස්‌කාර දැරියන් ලිංගික අපචාරවලට පෙළඹීමේ ප්‍රවනතාවයක්‌ දක්‌නට ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශවලට ලැබෙන පැමිණිලි විභාග කිරීමෙන් දක්‌නට ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරිනියන් පැවැසුවාය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ සිය පෙම්වතා වන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු සමග පාළු නිවසක සිටියදී පොලිසියට හමුවූ අතර 14 හැවිරිදි තවත් ශිෂ්‍යාවක්‌ පාසල් වේලාව තුළදී පාසලෙන් පිටවී සිය පෙම්වතා වන 19 හැවිරිදි ත්‍රීවිල් රථ රියෑදුරෙකු සමග පලායමින් සිටියදී කළුතර කොට්‌ඨාස හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.



කළුතර ප්‍රදේශයේ නිවසක පදිංචි 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ සිය නිවසේ විදුලි පංකා පරීක්‍ෂා කිරීමට පැමිණි 19 හැවිරිදි තරුණයකු සමග හාදවී පසුව නිවසින් පැනගොස්‌ තංගල්ල ප්‍රදේශයට ගොස්‌ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවද එහිදී අනාවරණය විය.

සිය මවගේ අනියම් සැමියන්ගෙන් අතවරවලට ලක්‌වූ තවත් බාලවයස්‌කාර පාසල් ශිෂ්‍යාවන් ගණනාවක්‌ පිළිබඳව පැමිණිලි රැසක්‌ ලැබී ඇතැයිද එහිදී හෙළිවිය.

ළමා ලිංගික අපයෝජන පිළිබඳ මාධ්‍යයට කරුණු හෙළි කිරීමෙන් වළකින ලෙසද මේ අතර පසුගියදා කොළඹට කැඳවූ කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිවරුන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් විසින් උපදෙස්‌ දී ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment