මාතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් ළඟ තබාගත් බවට චෝදනා මත ඊයේ(15)රාත්‍රියේ කොළඹ මත්ද්‍රව්‍ය දූෂණ මර්දන ඒකකය, මීටියාගොඩ සහ හික්කඩුව පොලිසි එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
කබඩි චමින්ද ලෙසින් හඳුන්වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ හික්කඩුව කළුපේ ප්රදේශයේදීයි. දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ. සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments:
Post a Comment