සෙවනගල වැවේයාය උක්වගා ඉඩමකදී නාගයකු ලවා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත්කළ එකමුතුගම පදිංචි ප්‍රධාන සැකකරු පෙරේදා (13 වැනිදා) නීතිඥයකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.සැකකරු සෙවනගල එකමුතුගම පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම ප්‍රධාන සැකකරු තවත් අයකු සමග එකතුවී ඉකුත් 9 දා සෙවනගල වැවේයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්පා ගැටගසා ප්ලාස්ටික් ටැංකියකට දමා එයට නාගයකු දමා දෂ්ට කිරීමට සලස්වා තිබිණි.
නාගයාගේ දෂ්ට කිරීමට ලක්වූ පුද්ගලයා ප්ලාස්ටික් ටැංකිය තුළ මියගිය අයකු මෙන් සිටියදී සැකකරුවන් ඔහුගේ දැත් දෙපා ලිහා දමා නාගයා මරා පලාගොස් තිබිණි.
අධිකරණයට භාරවූ පුද්ගලයාට අමතරව පොලිසිය තවත් අයකු අත්අඩංගුවට ගැනීමට සොයයි. ඔහු ගැන අධිකරණයට භාරවූ ප්‍රධාන සැකකරුගෙන් තොරතුරක් ලබා ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකිවී ඇත.
වලස්මුල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති එම්. චාමින්ද මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති රත්නායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.
No comments:
Post a Comment