Monday, October 7, 2013

බෝට්‌ටු චාරිකාවෙන් අපට තාත්තා අහිමි වුණා බෝට්‌ටුව පෙරළී මියගිය පියාගේ දියණිය වැළපෙයි

"තාත්තා ඔය ගමන යන්න හදිසියෙ ලෑස්‌ති වුණේ. අම්මත් තාත්ත එක්‌ක ගියා. බෝට්‌ටු ගමනෙදි අම්ම ඉස්‌සෙල්ලා යවල තාත්ත ඊට පස්‌සෙයි ගිහින් තියෙන්නෙ.

විනෝද චාරිකාවක්‌ අතරතුර බෝට්‌ටුවක්‌ පෙරළීමෙන් මියගිය යූ. දයානන්ද පෙරේරා (66) මහතාගේ දියණිය වන මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ ආචාරිණී කිසන්තා පෙරේරා මහත්මිය "දිවයින"ට එසේ පැවැසුවාය.



සිද්ධියෙන් මියගිය දයානන්ද මහතා ව්‍යාපාරිකයකු වන අතර දියණියන් දෙදෙනකුගේ පියෙකි. තලංගම උතුර බත්තරමුල්ල 437/බී නිවසේ පදිංචිව සිටි ඔහු ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකි.

තම අසල්වාසීන් පිරිසක්‌ද සමඟ මෙම ගමන බස්‌ රථයකින් පිටත්ව ගොස්‌ තිබෙන අතර අසල්වැසි නිවසක සාමාජිකයන් සිව් දෙනකුද සිද්ධියෙන් මියගොස්‌ ඇත.

අම්මයි තාත්තයි මුහුදු ගමන්වලට කැමති නැහැ. ඒගොල්ලො ගියෙ සත්තු බලන්න. ඒත් අන්තිමට තාත්තා අපට නැතිවුණා. අම්මගෙ ජීවිතේ බේරුණේ අනූනවයෙන්.

සිද්ධියෙන් මියගිය අනිකුත් සාමාජිකයන්ගේ නිවස වන නාවුක නිලධාරියාගේ නිවසට අප තොරතුරු සොයා ගියවිට කිසිදු තොරතුරක්‌ මාධ්‍යයට ලබානොදෙන බව ඔවුහු පැවසූහ.

No comments:

Post a Comment