ඇල්ලගම ප්රදේශයේ වයස අවුරුදු 8 ක දැරියක් දූෂණය කර අමානුෂික ලෙස වද දී මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දියතලාව නගරයේ ඊයේ (23 දා) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
දියතලාව නගරයේ ඒකාබද්ධ ත්රී රෝද රථ සංගමය විසින් මෙහෙය වූ මෙම උද්ඝෝෂණය සඳහා විශාල ජනකායක් සහභාගි වූහ.
මෙම උද්ඝෝෂණකරුවන් ඉතා තදින්ම කියා සිටියේ මෙවන් අපරාධ වැළැක්වීම සඳහා නීතිය දැඩි ලෙස ක්රියාත්මක කරන ලෙසය. අපරාධකරුවන්ට මරණ දඬුවම නියම කරන ලෙසත් මෙම අපරාධකරුවන් වෙනුවෙන් උසාවියේ දී නීතිඥවරුන්ගේ සහාය ලබා නොදෙන ලෙසත් ඔව්හු ඉල්ලා සිටියහ. නගරයේ උද්ඝෝෂණයේ යෙදුන උද්ඝෝෂකයින් ඔවුන්ගේ සංදේශය හපුතලේ ප්රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත බාර දීමට කටයුතු කරන ලදී.
සැකකරුට රැකවරණය දුන් නිවස ගිනි තියලා
දියතලාව ප්රදේශයේ වයස අවුරුදු 8 ක දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට රැකවරණය ලබාදුන් නිවස ප්රදේශවාසීන් විසින් ගිනි තැබීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් ගින්න නිවා දැමීමට උත්සාහ කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. (හපුතලේ - බුවනෙක)
No comments:
Post a Comment