මිනුවන්ගොඩ එල්ලන්ගල ප්‍රදේශයේ හැටතුන් හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට මන්නා පිහියක් පෙන්වා බියකර අතවර කිරීමට තැත් කළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවකු ඊයේ (02 වැනිදා) පෙරවරුවේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත.
මියගිය පුද්ගලයා එල්ලන්ගල ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි එක්දරු පියෙකි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඊයේ (02 වැනිදා) පෙරවරු 10.00 ට පමණ වයෝවෘද්ධ කාන්තාව තනිව සිටි නිවසට ගොස් ඇය කාමරයක තනි කරගෙන සිටින බවට මිනුවන්ගොඩ පොලිසියට අසල්වාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් (119) අංකය ඔස්සේ දැනුම් දී ඇත.
පොලිසිය අදාළ නිවසට පැමිණ ජනේලයකින් සැකකරුට යටත්වන ලෙස දැනුම්දීමත් සමග සැකකරු තම අතේ තිබූ මන්නා පිහියෙන් කාන්තාවගේ ගෙල කපා ඇත. එහිදී පොලිසිය සැකකරුගේ අතට වෙඩි තබා නිවසට ඇතුළු වීමට යැමේදී පොලිසියටද මන්නයෙන් කෙටීමට උත්සාහ කිරීමේදී පොලිසිය ආත්මාරක්ෂාව පතා සැකකරුට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරු රෝහල්ගත කිරීමට පෙර මියගොස් සිට ඇත. ඔහු ගිනිඅවි දහයක් ළඟ තබා ගැනීම, පුද්ගලයකුට මන්නයකින් පහරදී තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවකු බව හෙළි වී ඇත.
සැකකරුගේ මන්න ප්‍රහාරයට ලක් වූ වයෝවෘද්ධ කාන්තාවද මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් මිනුවන්ගොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපති අජිත් ප්‍රියන්ත, පොලිස් පරීක්ෂක බාලසූරිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
No comments:
Post a Comment