Sunday, June 2, 2013

පිහිටක්‌ වෙතොත් පින්

මිනුවන්ගොඩ එල්ලංගල අංක 221 ලිපිනයෙහි පදිංචි ඡේ. ආර්. අමරසිංහ, සුරංගනී ඩයස්‌ යන අයගේ පුත් ඡේ. අවිශ්ක සුපුන් (14) දැනට ආබාධිත තත්ත්වයෙන් පසුවේ.

උපතේ පටන්ම මොළේ දකුණු පෙදෙසෙහි ස්‌නායු ආබාධයකින් පෙළෙන මෙම දරුවා රිඡ්වේ ළමා රෝහලෙන් කුඩා කල පටන්ම ප්‍රතිකාර කිරීම නිසා මේ වන විට අපහසුවෙන් හෝ ඇවිදගෙන යා හැකි තත්ත්වයකින් පසුවේ.

දැනට මිනු/ නිල්පනාගොඩ රජයේ විද්‍යාලයේ ඇති විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනීම ලබන ඔහු පාසලෙන් ඉදිරිපත් වන කලා තරගවලින් ජයග්‍රහණ ලබමින් කලා කුසලතාවන්ගෙන් හා ක්‍රීඩා තරගයෙන්ද ජයග්‍රහණ ලබා සිටී. ඔහු කාර්මික ක්‍රියාවන්ට විශේෂ ඇල්මක්‌ දක්‌වයි. 



දැනුට මෙම දරුවාගේ පියා කුලී වැඩ කරමින් දිවි ගෙවන අතර ළමයා ජීවත් කරවීමට පිංවත් සැමගෙන් යම් ආධාරයක්‌ උපකාරයක්‌ බලාපොරොත්තුවෙන් සිටී. මේ සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට කැමැති පිංවතුන් මෙම දුරකථන අංකය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටී. 0777670940,

ඉසුරු උදාන ගිණුම් අංකය - 021-02-001-2-0013389 මිනුවන්ගොඩ මහජන බැංකුව. බර්ටි උඩුගම්පොළ 

No comments:

Post a Comment