Saturday, June 1, 2013

මට ඔය ප්‍රශ්නය අදාළ නෑ. නමුත් කවරෙකුට හෝ එසේ

නව පරපුර හතු පිපෙන්නා සේ පිපෙන අතර තුර රුව සුවඳ මල් ද නැතුවාම නොවේ. එවැනි රුව - සුවඳ මල් අතර ඔබ සිත්තම් මලක්‌. තාරකාවක්‌ වන්නට පෙරුම් නොපුරන ඇය!

වර්තමාන ටෙලි නාට්‍ය ගැන තරුණ රංගන ශිල්පිනියක්‌ විදිහට ඔබ මොකද හිතන්නෙ?

වර්තමානයේ බිහිවන සමහර ටෙලි නාට්‍ය කරන්නන් වාලේ කරන ටෙලි නාට්‍ය· සමහර ටෙලි නාට්‍ය මුදල් ඉපයීම මත පමණක්‌ ම කරන ටෙලි නාට්‍ය...... ඒ අතර පදනමක්‌ ප්‍රමිතියක්‌ ඇතුව කරන හොඳ ටෙලි නාට්‍ය තියෙනවා.

රංගන ශිල්පිනියක්‌ විදිහට ස්‌ථාවරයක්‌ ගොඩනගා ගන්න වර්තමාන ටෙලි නාට්‍ය හරහා ඉඩක්‌ ලැබෙනවද?

අනාගතයේදී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න මගේ බලාපොරොත්තුවක්‌ නෑ. ඒ නිසා මට ඔය ප්‍රශ්නය අදාළ නෑ. නමුත් කවරෙකුට හෝ එසේ ස්‌ථාවරයක්‌ ගොඩනගා ගැනීම අමාරු කාර්යයක්‌. මම අනිවාර්යයෙන් ම විවාහයෙන් පස්‌සේ මේ ක්‍ෂේත්‍රයෙන් සමු ගන්නවා.


එසේ රැඳී සිටීම අමාරු කාර්යක්‌ වන්නේ ඇයි?

අමාරු කාර්යයක්‌ වන්නේ කන්න බොන්න - ජීවත් වීම උදෙසා මුදල් අවශ්‍යයි. අපිට වැඩ ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. දක්‍ෂතාවය නැතිකරන්න බැරි උනත් හැමදේම අද තීරණය වන්නේ මුදල මත. මගේ මිල මට ගෙවන්න නිෂ්පාදක කණ්‌ඩායමට නොහැකි නම්, ඒ වෙනුවට වෙනත් තෝරා ගැනීමකට ඔවුන්ට යැමට ඕනෑ තරම් අවස්‌ථා තියෙනවා. ඒ වෙනුවෙන් පිරිසක්‌ ඉන්නවා. ඒක තමයි ක්‍ෂේත්‍රයේ හැටි. ඒක නවත්වන්න බැහැ. ඒ නිසා ස්‌ථාවරය හදාගන්න අමාරුයි. වෙනත් විකල්ප මාර්ග අනිවාර්යෙන් තිබිය යුතුයි.

ඉතා ඉක්‌මනින් ඔබ ක්‍ෂේත්‍රයෙන් සමුගන්න අදහසක්‌ ද තියෙන්නේ?

නෑ.... තව අවුරුදු දෙක තුනකින් මම ඒa තීරණය ගන්නවා.

ඔබේ හැකියාවෙන් නිසි ප්‍රයෝජන ගන්න පසුගිය කාලෙ නිර්මාණය වූ නිර්මාණවලට හැකි වුනාද?

මට ඇත්තටම සෑහීමකට පත් විය හැකි චරිතත් ලැබුණා. එසේ සෑහීමකට පත්විය නොහැකි චරිතත් ලැබුණා. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු පහක්‌ වෙනවා. ඒ කාලය තුළ අතරින් පතර තමයි හොඳ නිර්මාණ ලැබුණෙ. නමුත් පසුගිය කාලෙ මට හොඳ චරිත කීපයක්‌ ම නිරූපණය කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ චරිත මගේ උපරිමයෙන් මම කළා.

A/Level  ඉවරයි ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මෙතෙක්‌ රඟපෑ සියලු චරිතවලට වඩා වෙනස්‌ නේද?

අනිවාර්යයෙන් ම වෙනස්‌. ඒ චරිතය ගැමි චරිතයක්‌ විදිහට පටන් අරගෙන හුඟක්‌ වෙනස්‌ චරිතයක්‌ විදිහට ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම එහි අනෙකුත් ශිල්පීන් සමඟ වැඩ කිරීමට වෙනස්‌ අත්දැකීමක්‌. අධ්‍යක්‍ෂවරයාට, පිටපතට අවශ්‍ය දේ අනෙක්‌ හැම දේටම වඩා වෙනස්‌. සමහර විට එම වෙනස තමයි ප්‍රේක්‍ෂකයාට දැනෙන්නේ. සෙසු රංගන ශිල්පීන් චරිත තෝරා බේරාගෙන රඟපාන පිරිසක්‌. ඒ නිසා එය සැබෑවටම වෙනස්‌ අත්දැකීමක්‌.

ඔබ පවසන විදිහට මොන වගේ වෙනසක්‌ ද ක්‍ෂේත්‍රයේ ඇතිවිය යුත්තේ?

මුලින්ම ඕනෑම නිර්මාණයකට ස්‌ථිර පිටපතක්‌, කතාවක්‌ අවශ්‍යයි. මම පසුගිය කාලෙ දීර්ඝ ටෙලි නාට්‍ය තුනක රඟපෑවා. ඒවාට කතා කරන කොට තිබුණු තත්ත්වය නෙමෙයි මඟදි· මුලදි කිව්ව කිසිම දෙයක්‌ ඉදිරියට යද්දී ඒවායේ තිබුණෙ නෑ. ඒ නිසා එහෙම හරයක්‌ නැති දේවල් මේ ක්‍ෂේත්‍රයේ සිදුවෙනවා. එවැනි දේවලින් මිදිලා, දර්ශන තලයේ ලියන පිටවත්වලින් මිඳුන ක්‍ෂේත්‍රයක්‌ තුළ අපට සැබෑ වෙනසක්‌ දකින්න පුළුවන් වේවි·

ඔබ කියන්නෙ රංගන ශිල්පීන්ට සිදුවෙලා තියෙන්නෙ නිෂ්පාදන කණ්‌ඩායම කියන ඕනම දෙයක්‌ කරලා එන්නද?

අනිවාර්යයෙන් ම හැම දේම සිද්ධ වෙන්නෙ මුදල් මත. පිටපත ලියවෙන්නෙත් එහෙමයි. ඒකෙන් ගලවගන්න කීපදෙනකුට අමාරුයි. උත්සාහ කළත් ඒ දේවල් සිද්ධ වෙන්නෙ නෑ.

සමකාලීනයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

හොඳ සහයෝගයක්‌ ලැබෙනවා. මම ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිසක්‌ සමඟ වැඩ කරලා තියෙනවා. කා එක්‌කවත් මගේ ප්‍රශ්න නෑ. දක්‍ෂයෝ පිරිසක්‌ බිහිවෙලා ඉන්නවා. නමුත් කව්රුවත් ඔවුන්ගෙන් වැඩක්‌ ගන්නෙ නෑ·

අයුතු ක්‍රම මගින් ක්‍ෂේත්‍රයට එන අය නිසා ක්‍ෂේත්‍රයේ නොයෙක්‌ ගැටලු ඇතිවෙනවා නේද?

මට ඔය ප්‍රශ්නය අදාළ නෑ. මම ක්‍ෂේත්‍රයට ආවෙ සිරස කුමරිය කියන වැඩසටහන හරහා. නමුත් එහෙම වෙනත් ක්‍රම මගින් එන අයත් ඇති. ඒක කලා ක්‍ෂේත්‍රයට පමණක්‌ නෙමෙයි හැම ක්‍ෂේත්‍රයකටම පොදු දෙයකි. කලා ක්‍ෂේත්‍රයේ ඒ දේවල් අනිත් ක්‍ෂේත්‍රවලට වඩා පේනවා. ඒකයි වෙනස. දක්‍ෂතාවයෙන් එන අයත් ඕන තරම් ඉන්නවා. ඒකට කරන්න දෙයක්‌ නෑ ඒක ක්‍ෂේත්‍රයේ හැටි.

මොන ආකාරයකින් ආවත් රැඳී ඉන්න විවිධ කැපවීම් කරන්න වෙනවා නේද?

මම ඒකට එකඟ නැහැ. මම මෙච්චර කාලයක්‌ හිටියා. එහෙම කැපවීම් කරලා නෑ. මට කිසිම ප්‍රශ්නයක්‌ ඇතිවෙලත් නෑ. දක්‍ෂකමයි, වාසනාවයි දෙකම තියෙන්න ඕන. එතකොට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. තමන්ට තමන් විශ්වාස නම් කිසිම ප්‍රශ්නයක්‌ නෑ.

වර්තමාන රංගන ශිල්පීන්ට විවිධ විනය විරෝධී චෝදනා එල්ල වෙනවා නේද?

මට ඔබ ඔය කියන විනය මොකක්‌ද කියලා තේරෙන්නෙ නෑ· නමුත් තමන් දැනගන්න ඕන කොහෙ ගියත් තමන්ගෙ සීමාව දැනගෙන තමන්ගෙ වැඩේ කරලා එන්න.· මේ ක්‍ෂේත්‍රයේ පමණක්‌ නෙමෙයි කොයි ක්‍ෂේත්‍රයටත් විනය තිබිය යුතුයි. තමන්ගෙ වැඩේට වඩා වැඩි දේවල් කරන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා.

මේ දිනවල වැඩ කටයුතු මොනවද

Aරැඛැඩ්ක ඉවරයි රූපගත කිරීම් සිදුවෙනවා. සඳ පිනිබිඳක, හේඩි කියන ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට දෙකකට රංගන දායකත්වය සපයන්න ලැබුණා. ඒ ගැන සතුටුයි.

ඉදිරි බලාපොරොත්තු?

හොඳ නිර්මාණ කීපයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නම රැකගෙන ඉදිරි කෙටි කාලයේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඊට පස්‌සෙ ඉතිං පිළිවෙළක්‌ වෙන්න ඕන....·

ඒ ගැන කියන්න දෙයක්‌ තියෙනවද?

තාම නං එහෙම කියන්න තරම් දෙයක්‌ නෑ.

මාලක නන්දන
ඡායා - ඉන්දික මල්ලවාරච්චි

No comments:

Post a Comment