’ඒක් දෝ තීන්...’, ‘චෝලි කී පීචේක්්යාහේ’ ‘ඩිඩි තේරා දීවාර් දීවානා...’ මෙවැනි ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට ගීත කොහේදී හෝ ඔබට ඇසුණොත් ඔබේ සිත තුළ මැවෙන්නේ ඒ ගී ගැයූ ගායිකාවන් ද, ඒ ගී ඇතුළත් චිත්‍රපට ද? නිසැකයෙන්ම ඔබේ සිත තුළ මැවෙන්නේ ඒ ගීතමය ජවනිකා නිරූපණය කළ අතිශය සුන්දර මධුරි ඩික්සිත්. රංගන කුසලතාවත්, සුන්දර රූ සපුවත් නොගිලිහුණු මධුරි මැයි 15 දා 46 වැනි වියට පා තැබුවා.
1984 දී ‘අබෝධ්’ චිත්‍රපටයෙන් සිය රංගන චාරිකාවට මුල පිරූ මධුරි, තවමත් බොලිවුඩ් පුරයෙන් සමුගෙන නැහැ. ඇය රඟපෑ අලුත්ම චිත්‍රපටය ‘යේ ජවානි හේ දීවානි’ මේ චිත්‍රපටයේ ඇය වත්මන් යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙකු වන රන්බීර් කපූර් සමඟ ද රඟපෑවා. (‘යේ ජවානි හේ දීවානි’ චිත්‍රපටය මැයි 31 දා සිට තිරගත වීමට නියමිතයි.)
රන්බීර් කපූර් පසුගියදා මේ චිත්‍රපටය වෙනුවෙන් පැවැති ප්රචාරක වැඩසටහනකදී අපූරු කතාවක් කීවා. “මධුරි තමයි, මගේ ‘ප්‍රථම ප්‍රේමය’. මං මධුරිට ඉස්සර ගොඩක් ආදරය කළා. ඒ ආදරය කළේ හිතෙන් විතරයි. එයා විවාහ වෙන්න යනවා කියල ආරංචියක් පැතිරුණාම මගේ හදවත පෑරුණා.
” රන්බීර් මෙහෙම කීවේ කවුරුත් සිනහ ගන්වමින්. රන්බීර්ගේ ‘ප්‍රථම ප්‍රේමය’ සමඟ රඟන්න ඔහුට අවස්ථාව උදාවුණේ් ‘යේ ජවානි හේ දීවානි’ චිත්‍රපටයෙන්. ඒ අවස්ථාව උදාවීම ගැන රන්බීර් කතා කළේ පුදුමාකාර සතුටකින්. “මට මධුරිත් එක්ක මුල්ම වතාවට නැටුමක් ඉදිරිපත් කරන්න ඉඩක් ලැබුණා.
ඒ, ‘ජලක් දිඛ්ලාජා’ කියන රියැලිටි වැඩ සටහනේදියි. එදා මට දැනුණේ පුදුම සතුටක්. එදා මට මධුරිත් එක්ක කතාබහ කරන්නත් ඉඩක් ලැබුණා. ඉන් පස්සේ ආයෙමත් ඒ වගේ අවස්ථාවක් ලැබුණේ ‘යේ ජවානි හේ් දිවානි’ චිත්‍රපටයෙන්.” රන්බීර්, මධුරි සමඟ මේ චිත්‍රපටයේත් මනහර නර්තන රංගනයක් ඉදිරිපත් කරනවා. මෙම ගීතමය රංගනයට මධුරිව යොදා ගන්නැයි යෝජනා කළේ චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස කටයුතු කරන කරන් ජොහාර්.
මේ ප්රචාරක වැඩ සටහනේදී රන්බීර් තවත් විශේෂ කාරණයක් හෙළි කළේ කිසිදු පැකිලීමකින් තොරවයි... “මේ ගීතමය ජවනිකාවේ නැටුම් අධ්‍යක්ෂණය කළේ ෆාරා ඛාන්. දර්ශනය රූපගත කරද්දී මගේ හිතට හොඳ අදහසක් ආවා. ඒක පුංචි ආසාවක්. මං, මේ චිත්‍රපටයේ අධ්යක්ෂ ආයාන් මුඛර්ජිට හිමින් සීරුවේ ළං වෙලා ඉල්ලීමක් කළා.
දර්ශනය රූපගත කරද්දී මට මධුරිගේ කම්මුලක් සිපගන්න ඉඩ දෙන්න කියලයි මම ඉල්ලුවේ. ඒකට ඉඩ ලැබුණා!” ඉන්දියාවේ ඇතැම් මාධ්‍යවේදීන් සටහන් කර තිබුණේ රන්බීර්, මධුරිව සිපගන්නට අධ්යක්ෂවරයාට අල්ලසක් දී ඇති බවයි. එහි ඇත්ත නැත්ත නම් තවම හෙළි වී නැහැ.
රන්බීර්, සිනමාවට පිවිසෙන්නට කලින් මධුරිගේ රසිකයෙක්. “මධුරි හරිම නිහතමානී කෙනෙක්. කිසිම ආඩම්බරකමක් නැහැ. ඒ වගේම මහන්සි නොබලා කැපවීමකින් වැඩ කරනවා. රූපගත කරන තැන්වලට මධුරිගේ පුංචි පුතාල දෙන්නත් සමහර වෙලාවට එක්කගෙන ඇවිත් තිබුණා.
නිළියක වුණත් එයා අම්මා කෙනෙක් හැටියට තමන්ගෙ දරු දෙන්නා ගැන හොඳ අවධානයකිනුයි හිටියේ. මධුරිගේ වෘත්තීය කැපවීමත්, මවක් හැටියට කරන කටයුතුත් මම දැක්කා. ඒවා දකිනකොට මධුරි ගැන මට එදා තිබුණු ගෞරවය දහ ගුණයකින් විතර වැඩි වුණා.” රන්බීර් පැවසුවා.
No comments:
Post a Comment