තම සහෝදරයකුට කියා යටිබඩ පෙදෙස විකාගෙන පපුව කතුරකින් සූරාගෙන ගවුම් හා යට ඇඳුම් ඉරාදමාගෙන බරපතළ ස්ත්‍රී දූෂණයක් කළ බවට අකුරැස්ස පොලිසියට ව්‍යාජ පැමිණිලි කර ඇති බව ඔප්පුවීම හා වරද පිළිගැනීම නිසා එම තැනැත්තියට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් බරපතළ වැඩ ඇතිව මාස තුනක සිර දඬුවමක් හා රුපියල් 1500 ක දඩයක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 02 ක සිරදඬුවම්ද නියම කළ බව පොලිසිය පවසයි.
මෙසේ සිරදඬුවම් නියමවූයේ අකුරැස්ස පරදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවකටය.
අසල්වැසි ඉඩමේ පදිංචි පුද්ගලයා සමග ඉඩම් ආරවුලක් ඇතිකරගත් මෙම කාන්තාව 2013.3.3 වැනිදා මෙම අසල්වැසි ඉඩමේ අයිතිකරු විසින් තමාට අතවර කළ බව පවසමින් රෝහල් ගතවී ඇත.
අකුරැස්ස රෝහලෙන් රෝහල් පොලිසියට මෙම සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව අකුරැස්ස පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් 1808 වසන්තා මහත්මිය ඇතුළු කණ්ඩායමක් ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමේදී එවැනි සිද්ධියක් සිදුවී නොමැති බව අනාවරණය කරගෙන ඇත.
තවදුරටත් කළ පරීක්ෂණවලදී දූෂණය සිදුකළා යෑයි කියන ටෙලිකොම් සේවකයා එම අවස්ථාවේ දික්වැල්ල පොලිස් වසමේ රාජකාරි කළ බව අනාවරණය කරගෙන ඇත. ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන පැමිණිලිකාරිය චූදිතයකු කර අකුරැස්ස පොලිසිය මගින් මාතර අධිකරණයේ ගොනුකර තිබූ නඩුවකට තීන්දුව දෙමින් එම කාන්තාවට බරපතළ වැඩ ඇතිව මාස 03 ක සිරදඬුවමක් හා රුපියල් 1500 ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි රංජිත් ද සිල්වා, අකුරැස්ස පොලිස් ස්ථානාධිපති එස්. එස්. ජයවීර, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති එන්. කේ. වේරගොඩ, කා. උ. පො. ලසන්ති ප්‍රදීපිකා, පො. සැ. 28510 ලලිත් නුපේහේවා, කා. පො. කො. 1808 වසන්තා යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
No comments:
Post a Comment