මීට තෙමසකට පෙර ඉඩමක් මිලදී ගැනීමට මැදවච්චිය නගරයට මාතලේ සිට ආ කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණය කරන ලදැයි සැකපිට හමුදා සෙබලු දෙදෙනෙකුගෙන් එක් අයෙකු බ්‍රහස්පතින්දා (12) අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ සිට මැදවච්චියට පැමිණි මේ කන්තාව (53) පෙරළා යාමට මැදවච්චිය සී.ටී. නගරයට පැමිණි අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඇයට පිහියකින් තුවලා කොට ඈ සතුව
තිබූ රුපියල් 91000/-ක රන්බඩු පැහැරගනු ලැබීය. අනතුරුව ඇයව අසල වෙල්යායකට ඇදගෙන ගොස් වරින්වර දූෂණය කොට ඇත. මේ බව ඇය පොලිසියට දැනුම් දුන් අතර කරනලද විමර්ෂණවලදී හෙළිවූයේ සැකකරුවන් දෙදෙනා අනුරාධපුර රණසේවාපුර හමුදා කඳවුරේ ලාන්ස් කොප්‍රල්වරු දෙදෙනෙකු බවය. ඒ අනුව එක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු පලාගොන් ඇතැයි පැවසේ.
No comments:
Post a Comment