Wednesday, August 21, 2013

GOSSIP LANKA - බියගම විලේජ් පියා ඝාතනයට පුතා සහ මිතුරා අත්අඩංගුවට

'බියගම විලේජ්' හෝටලයේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ඊබට්‌ බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ පුත්‍රයා වන සුරංග ජයරත්න නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සුරංග ජයරත්න නමැත්තාගේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන නිහාල් නමැති අයකුද ප්‍රශ්න කිරීම සඳහා එම අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.


මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම ප්‍රදේශයේ පිහිටි සුරංග ජයරත්න නමැත්තාට අයිති නිවසක සිටියදීය.

බර්නාඩ් ජයරත්න මහතා ඝාතනයට ලක්‌වීමෙන් පසු ඔහුගේ ව්‍යාපාරවලින් වැඩි කොටසක්‌ ඔහුගේ පුත්‍රයා වන සුරංග ජයරත්න නමැත්තා විසින් පාලනය කරමින් සිටි බව පොලිසිය පවසයි.

ජයරත්න මහතාගේ ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත සිදුවූ බවට බියගම ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිර ගොස්‌ තිබිණ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජයරත්න මහතාගේ වත්තක සේවය කළ පුද්ගලයකු මීට මාස කිහිපයකට ඉහතදී කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බන්ධනාගාරගත කරන ලදී.

එම සිද්ධියෙන් පසු බර්නාඩ් ජයරත්න ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්‌ඨාසයෙන් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට පොලිස්‌පතිවරයා නියෝග කර තිබිණි.

මීට වසර 1 1/2 කට පමණ උඩදී ජයරත්න මහතා දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් වත්තකට ගිය අවස්‌ථාවේ සාහසිකයකු විසින් කපා කොටා ඝාතනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ මාස ගණනක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

අත්අඩංගුවට ගත් සුරංග ජයරත්න සහ ඔහුගේ කළමනාකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන දීර්ඝලෙස ප්‍රශ්න කරගෙන යයි.

මීට වසර කීපයකට උඩදී සිදුවූ මිනිස්‌ ඝාතනයක්‌ සම්බන්ධයෙන්ද සුරංග ජයරත්න නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment