තමා එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් හෙට (23 වැනිදා) විශේෂ ප්‍රකාශයක් නොකරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් (එ.ජා.ප.) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (21 වැනිදා) දහවල් 1.30 ට "දිවයින" කළ විමසීමකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම ආරක්ෂා කරන ආදරණීය ජනතාව මෙන්ම අසහනයට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව වෙනුවෙන් මන්ත්‍රීවරයකු ලෙස තමන්ට කළ හැකි බොහෝ දේ තවදුරටත් ඉටුකරන බව ද හෙතෙම කීය. මේ මොහොතේ පක්ෂයේ ඇතැම් ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් මෙන්ම රජයේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් ද තමා තුළ පැහැදීමක් නැති බව කියා සිsටි ජයසේකර මහතා මන්ත්‍රීවරයකු හැටියට විශේෂයෙන් එජාප පාක්ෂිකයන්ට කළයුතු වගකීම් ඉටුකිරීමට තමා බැඳී සිටින බව ද ප්‍රකාශ කළේය.
තමා රජයට එක්වීම ඇතැම් මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද්දක් බව පැවසූ ජයසේකර මහතා තම දුරකථනයට පසුගිය දින කිහිපයේම බොහෝ දෙනකු කතා කර මේ පිළිබඳව විමසීම් කළ බව ද තමා වෙනුවෙන් හැමදාම සිටින වයඹ පළාතෙත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ලංකාවේ සියලු පළාත්වලත් ජනතාවට හදවතින්ම කෘතඥතාව පුදකරන බව ද කීය.
ජනතාවගේ දුක් කඳුළු පිසදමන්නට හා ඔවුන්ට යහපත් හෙටක් උදාකරන්නට තමා තවදුරටත් මන්ත්‍රීවරයකු වශයෙන් කැපවන බව ද ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
No comments:
Post a Comment