බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් ශාන්ත ලූසියා හී සිට ලන්ඩනය දක්වා ගමන්ගත් බි්රතාන්ය ගුවන් සේවයට අයත් බෝයින් 777යානාවක් තුළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු යානායක් තුල බීමත්වකළහකාරී ලෙස හැසිරුණු බව විදෙස් පුවත් සේවා වාර්තා පවසයි. ඒ වනවිට ගුවන් යානය මගීන් 229 දෙනෙකු රැගෙන අත්ලාන්තික් සාගරයට අඩි35000ක් පමණ
ඉහළින් පියාසර කරමින් තිබුණු බවත් ඔහු ගුවන් යානයේ කුටියක දොරක් විවෘත කර වැසිකිලියක් ලෙස භාවිතා කිරීමට අවස්ථා කිහිපයක්ම උත්සහ දැරූ බවත් යානාවේ සිටි මගීන් ප්රකාශ කර තිබේ. මෙම ක්රීඩකයා පසුගියදා නිමාවූ කොදෙව් තරගාවලියට එක් වූ ශ්රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ අයෙකු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
No comments:
Post a Comment