පානදුර, ශ්රී මහා විහාර මාවතේ නවතා තිබූ මොටර් රියක් තුළ තිබී නාඳුනන මළ සිරුරක් අද (01) උදේ පානදුර, දකුණ පොලිසිය විසින් සොයා ගෙන ඇත. අවට පළාත්වාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව පැමිණ පරික්ෂා කිරීමේදී රියදුරු අසුනේ සිටි පුද්ගලයෙක් අනෙක් ආසනය මත පෙරළී මියගොස් සිටිනුහමු වී තිබේ. මියගිය පුද්ගලයා පරික්ෂා කිරීමේදී තිබූ ලියකියවිලි අනුව මොහු ගංගොඩවිල, විජේරාම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සොයා ගෙන තිබේ.
සිරුරේ වෙඩි පහර, පිහිපහර හෝ වෙනත් තුවාල දක්නට නොලැබුණු බව පොලිසිය කියයි. අභිරහස් ලෙස මියගොස් සිටින මෙම පුද්ගලයා වයස අවුරුදු හතළිහක් පමණ බව පැවසේ. පානදුර මහේස්ත්රාත් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්රාත් පරික්ෂණය ආරම්භ කරන තෙක් දැඩි පොලිස් ආරක්ෂාවක් මෝටර් රියට හා ඒ අවට යොදා තිබේ.
ජනක ජීවන්ත හෙට්ටිආරච්චි - වාද්දුව
No comments:
Post a Comment