Sunday, May 19, 2013
21 දා මුළු රටම අකර්මණ්‍ය වේවි! වෘත්තීය සමිති අනතුරු අඟවයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දීප ව්‍යාප්තව සිදුකරන මහා වැඩ වර්ජනය නිසා මෙම 21 වැනිදා (අඟහරුවාදා) රටේ සියලු කටයුතු අකර්මණ්‍ය වීමට ඉඩ ඇතැයි වෘත්තීය සමිති රජයට අනතුරු අඟවා සිටිති.
විදුලි ගාස්තු ඉහළ දැමීම රටේ සමස්ත ජනතාවටම බලපාන කරුණක් වන නිසා අඟහරුවාදා පවත්වන දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයට සියලු ක්ෂේත්රයන්හි සහාය ලබාදීමට මේ වන විටත් එකඟ වී ඇතැයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රකාශ කරයි. එදින තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට නොඑන ලෙසට ගොවි ජනතාවගෙන්ද, ධීවර කටයුතු සඳහා මුහුදු නොයන ලෙස ධීවර ජනතාවගෙන්ද වෘත්තීය සමිති ඉල්ලා සිටිති.
එමෙන්ම මෙම වැඩ වර්ජනයට සහාය ලබාදීමක් ලෙස 21 වැනිදා රට පුරා වෙළෙඳසල් වසා දමන ලෙසට වෙළෙඳ සංගම්වලින් ඉල්ලා සිටින බවද, කිසිදු ප්‍රවාහන කටයුත්තක් සිදු නොකරන ලෙස පෞද්ගලික බස්රථ, පාසල් වෑන්රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයට අයත් සියලු දෙනාගෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව ඉල්ලා ඇත. මෙම වැඩ වර්ජනයට රටේ සෑම පුරවැසියකුම සහාය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටී. වැඩ වර්ජනයට අමතරව 21 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කර ඇති බැවින් සියලුම ජනතාවට විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සිය විරෝධතාවන් පළ කළ හැකි බවද සමරසිංහ මහතා කීවේය. දැනටමත් වෘත්තීය සමිති හයසියයකට අධික සංඛ්‍යාවක් සහ දේශපාලන පක්ෂ පහළොවක් පමණ 21 වැනිදා වැඩ වර්ජනයට සහ ජාතික විරෝධතාවට සහාය දීමට එකඟවී සිටින බවද කී සමරසිංහ මහතා පොදුවේ සියලුම දේශපාලන පක්ෂවලට හා බහුජන සංවිධානවලට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment